U තුමාලා

Monday 22 November 2021

මී පැණි සහ බඹර පැණි

 මහර අය කියනවා හින්දුස්ථානී සංගීතයේ තනු තමාලු හොඳම තනු  සිංහල පදවැල් දැම්ම කියල ඔය මොනාවත් වෙන්නෑ ලු, තවත් සමහර අය කියනවා කියනවා ඈක්කා.. මම බයිසිකලෙන් වැටුනා.... කියලා ලිව්වම එව්වා සිංදු වෙනවද, සාහ් බලන්න එපෑය අල්ලපු ගෙදරනේ සිංදු තිබුනේ කියල, තව අය කියනවා ඔයැයිල මොනවැයි දන්නෙ BNS කරපු හැටි බලන්න ආන්න සිංදු ඒවා! කියල. තවත් සමහරු කියනවා නියුයෝක් හොංකොං වලනේ සිංදු තියෙන්නේ කියල.


අම්මප කවුරුවත් කියන්නෑ අපි කරපු හැටි.

ඇහුනද....

වෙසක් 

Early Sinhala Pop 

පැලේ

සෝබන 

මා තුමා 


හොඳ දුම්දාන කොෆී එකක්, ස්ට්‍රෝන් ටී එකක්, කූල් බියර් (යන්තම් වෙරිකාරක)එකක්, ගල් කාලක් ඕ ඊවන් වෙල් ෆැන්ටා (විසවුනොත් සෙත්තපෝච්චිකාරක) වැනි නැටුම් තෙල් වර්ගයක් එක්ක ඔය සිංදුවක් එන්ජෝයි කරලා නැද්ද?  නෑ නේ. Yu තුමාලට තුමීලට උණු වතුර (විජලන විකර්ෂක) බිබී අර හින්දුස්ථාන් ටයිප් එකේ එව්වද එතකොට ෆිට් වෙන්නේ. 

වෙන මොනවත් ඕනෙනෑ, ට්‍රිප් ගිහින් තියෙන්නේ කවුද? 

ඕව අහල වැඩක් නෑ. මේං Me තුමා ගියා. එහෙන්වත් ශාක පෝෂක ටිකක් ඉම්පෝට් කරගත්තොත් Me තුමා ගොඩ. Yu තුමාලත් ගොඩ.

සී Yu ඕල් සූන්.  බායි ෆෝ නව්!

6 comments:

  1. ටහුඩු මීතුමා පෝස්ට් එකක් කොටලා. 🙏👌🤣😂😊

    ඒ පරණ සිංදු සැට් එක නං මල් හතයි බොලං. පොස්ට් කොටේ වුනත් කාරි නෑ, පටන් ගත්ත එකයි වටින්නෙ. ඔහොම යං.😊

    ReplyDelete
  2. සාදරයෙන් පිලිගන්නවා. 🙏😊👌

    ReplyDelete
    Replies
    1. සතුට ප්‍රදර්ශනකාරකය වනලම පිලිගන්න

      Delete
  3. කොටයක් finish කරලද ඉන්නේ රාළේ
    කොටටම කෙටුවෙ කඩිමුඩියේ වගෙයි බොලේ
    පුංචි ළිඳේ වතුරත් රහ තමයි මලේ
    එන්න එහාටත් ඉඩකඩ තියෙන වෙලේ

    ReplyDelete
  4. මං කැමතිම අර පැපුවා නිව්ගිනියා සිංදුව. පට්ට ඈ...

    ReplyDelete
  5. මම ඔය වර්ෂන් ඔක්කොං කරලා තියනවා. ඇයි වොඩ්කා කාලක් ? සුරුට්ටු උගුරක් එක්ක ටින්කිරි ටී එකක? /හොඳ දුම්දාන කොෆී එකක්, ස්ට්‍රෝන් ටී එකක්, කූල් බියර් (යන්තම් වෙරිකාරක)එකක්, ගල් කාලක් ඕ ඊවන් වෙල් ෆැන්ටා (විසවුනොත් සෙත්තපෝච්චිකාරක) වැනි නැටුම් තෙල් වර්ගයක් එක්ක ඔය සිංදුවක් එන්ජෝයි කරලා නැද්ද? //

    ReplyDelete

ආදිවාසීන් සහ කුමාර ලා

යස අගේට ගහක් යටට වෙලා කපු ටිකක් කටිමින් හිටිය ගෑණිට සෙට්වෙලා ළමයි දෙන්නෙකුත් දීල පුකට පයින් ගහල එලෙව්වෙ විජය කුමාර. යුනිවසිටියට ඇවිල්ල යමක් ...