U තුමාලා

Wednesday 29 June 2022

කහ-පියා

 කෙහෙල්වත්තෙ අඹ සනාටත් ටොපිය හම්බුනාලු!


බයි ද වේ, අපේ රටේ 'පියා'ල  ඉන්නවනේ.

ඩී ඇස් ජාතියේ පියා!

ඊලඟට ඩඩ්ලි බත් දුන් පියා - නොමිලේ හාල් දුන්න තම්බගෙන බත් කාපල්ල කියල 

අපේ ලොක්ක කහ පියා තමා මුළු ශ්‍රී ලංකාද්වීපයම කහ වලිං ස්වයම්පෝෂිත කළේ!. ආ..න්න කොල්ලෝ. කහ වලිම් මුළු රටම!

හැබැයි ලොක්කගෙ ගෝලයෝ නං කිසි වැඩකට නැති කහ කෑලි.

මතකයිනේ (විශ්‍රාමික) සාන්ත මාකට් එකේ පොරකට සද්දයක් දැම්ම කණ පලනවා කියල. ඒ ගැම්මෙම්ම ඩඩ්ලිගේ හාල් මෝලට ගිහිං කලිසමේ හුජ්ජ නොගිය එක විතරයි. ඔව් ස' යස් ස', අපි එහෙනං යන්නද ස'. හා ස'. සොරි ස'.

ඉන් පස්සෙ හාල් ගේන සැටි මම පෙන්වමි ස' කියා සිංහ නාද කර මේඝ ගර්ජනා කරමින් ටයි කෝට් හැඳ, කොම්පියුටර් ඩේටබේස් සමග අති විසාල ෆයිල් මිටියක් අතින්ද, ලොරි රථ සේනාවක් පිටුපසින්ද ගෙන වී එයිටයෙන් බැස ඩබල් එකේ මාච් කරමින් ඩඩ්ලි වෙත හැල්මේ දිව ගියේ වෙනිං කවුරුත් නොවේ ජනරාල් නිවුන්හැල්ල!.

වැලිදු, හාල් ඇටයකුදු නොමැතිව ලොරි පෙළ නැවත ගම්බිම් බලා පිටත්වද්දී ඩාබිඳු පිසදමමින් නැට්ට පුකේ ගසාගත් සුනඛයෙක්  බල්ලෙක් ලෙස වී එයිටයට නැග අගනුවර බලා කඩිනමින් පිටත්වුනෙත් නිවුන්හැල්ල!.

අහිංසක පොලිසියට කෑම සපයන්නට ගිය අනුන්ගේ දුක දන්නා (විශ්‍රාමික) චාගි!.

මුං හමුදාවටත් අගෞරවයක්!. යකෝ වැදගත් විදියට රෙස්පට් එක තියාගෙන පාඩුවේ හිටිං නොදන්න පයියවල් නොකර.

පොන්සේකා යුද්දේ ඉවර කළේ නැත්තන් අවුරුදු දහයෙ-දොළහෙ ළමා සොල්දාදුවො දෙන්නෙක් ත්‍රී වීල් එහෙක ඇවිත් බුෂ් ෂර්ට් එකේ මැඩල් ගහපු ලොක්කයි, ටයි කෝට් දාල අලුත් බෙරේ හැට් එකක් දාන කමල් අයියයි පන්සලට ගියත් බූට් ඔක්කොම දාල පුල් කොම්බැට් යුනිපෝම් සවේ මල්ලියයි වමෙන් පෙළ තියල පාරදිගේ කිලිනොච්චි එක්ක යන්නේ! නිකං නෙවෙයි මාච් කරවාගෙන.


කහ පියා Go Home!


Yu තුමා guys take care then.

See you soon.



ප. ලි. ඔබට ගෙදරදීම පැට්‍රොල් ඩීසල් ආදී තෙල් වර්ග නිපදවාගැනීමට අවශ්‍යද?

පමා නොවී වහාම අ.පාදෙණිය විශේෂඥ තුමා චැනල් කරන්න.

No comments:

Post a Comment

ආදිවාසීන් සහ කුමාර ලා

යස අගේට ගහක් යටට වෙලා කපු ටිකක් කටිමින් හිටිය ගෑණිට සෙට්වෙලා ළමයි දෙන්නෙකුත් දීල පුකට පයින් ගහල එලෙව්වෙ විජය කුමාර. යුනිවසිටියට ඇවිල්ල යමක් ...